ආදායම් අංශය

යටියන්තොට ප්‍රාදේශීය සභාවේ ආදායම් අංශය

යටියන්තොට ප්‍රාදේශීය සභාවේ ආදායම් අංශය වෙතින් පහත පරිදි ප්‍රදේශයේ ජනතාවගෙන් වරිපණම් බදු, අක්කර බදු, කඩකුලී හා බලපත්‍ර ගාස්තු අය කිරීම සිදු කරයි.

වරිපනම් බදු

  • වරිපනම් ඒකක 2070 කි.
  • ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ දියුණු ගම්මාන ලෙස නම් කර ඇති ප්‍රදේශයේ පිහිටා ඇති සෑම ඉඩමක් හා ගොඩනැගිල්ලක් සඳහාම වරිපනම් බදු ගෙවිමට නිත්‍යානුකූලව ඔබ බැදි ඇත.
  • සෑම වර්ෂයකම ආරම්භයේදී දේපළ සම්බන්ධයෙන් තක්සේරු නිවේදනයක් ලබාදීම සිදුවනු ඇත.
  • වරිපනම් බදු කාර්තුමය වශයෙන් හෝ වාර්ෂිකව ගෙවිය හැක.
  • වරිපනම් ගෙවීම වර්ෂයේ පළමු මාසය ඇතුලත සමස්ථ වර්ෂය සඳහාම ගෙවිය යුතු මුදල ගෙවන්නේ නම් හෝ කාර්තු අනුව ගෙවීම් සිදු කරන්නේ නම් එක් කාර්තුවකට අදාල මුදල එම කාර්තුවේ පළමු මාසය තුළම සිදු කරන්නේ නම් වට්ටම් මුදලක් ලබාදීම සිදු කරයි.
  • අදාල බදු මුදල් ආදායම් පරිපාලකවරුන්ට හෝ, ප්‍රාදේශීය සභා කාර්යාලය ගෙවීම සිදු කල හැකිය.
  • ගෙවීම් පැහැර හැර සිටින්නවුන් සම්බන්ධයෙන් අයකර ගැනීමේ ගාස්තුවක් අමතර පිරිවැයක් ලෙස ගාස්තුවට එකතු කරනු ලැබේ.
  • නිවේදනය නිකුත් කිරීමේන් අනතුරුවද නොගෙවා සිටීමෙන් දේපළ පරිහරණය කිරීම නවතා දමා රජයේ භාරයට ගැනීමට සිදුවනු ඇත.
  • යෝග්‍ය නිවේදනයකින් පසුව භාරයට ගත් දේපළ පළාත් පාලන ආයතනය මඟින් වෙන්දේසි කරනු ලැබේ.
  • වර්ෂ 05 ට වරක් තක්සේරු දෙපාර්තමේන්තුව මගින් සෑම දේපලකටම වාර්ෂිකව වටිනාකම තක්සේරු කරන අතර ගෘහස්ථාන සහ ව්‍යාපාරික ස්ථාන සඳහා එම තක්සේරුවෙන් 3% ක් වරිපනම් බදු වශයෙන් අයකරනු ලැබේ.

ලබාදෙන වට්ටම්

  • සෑම වර්ෂයකම ජනවාරි 31 දිනට ප්‍රථම සමස්ථ වර්ෂය සඳහාම ගෙවිය යුතු වරිපනම් බදු ගෙවන්නේ නම් 10%ක වට්ටමක් ලබා දෙනු ලැබේ.
  • කාර්තුව අනුව ගෙවීම් සිදු කරන්නේ නම් එක් කාර්තුවකට අදාල මුදල එම කාර්තුවේ පළමු මාසය තුළම සිදු කරන්නේ නම් 5% ක වට්ටමක් හිමිවේ.
  • ප්‍රමාද වී කරනු බලන ගෙවීම් සදහා සෑම කාර්තුවක අවසානයේ ව්‍යාපාරික ස්ථාන සඳහා 20% ක හා අනෙකුත් ස්ථාන සඳහා 15% ක අධි ගාස්තුවක් අය කරනු ලැබේ.

වරිපනම් බදු නිදහස් කිරීම

  • දිළිඳුකම මත, ස්වභාවික විපත්, ආබාධිත තත්ත්ව ආදි අවස්ථාවන් හිදි වරිපනම් බද්දෙන් නිදහස් කිරීම සිදුකරනු ඇත.

වරිපනම් ලේඛනයේ නම වෙනස් කිරීම

  • වරිපනම් දේපලෙහි හිමිකාරිත්වය (අයිතිය) වෙනස්වීම මත වරිපනම් ලේඛනයේ නම වෙනස් කිරීම සිදු කරගත හැක.

අයදුම්පත්

  • වරිපනම් ලේඛනයේ නම වෙනස් කිරීමේ අයදුම්පත්‍ර ගාස්තු – රු.1000.00
  • දිළිඳුකම මත වරිපනම් වලින් නිදහස් කිරීමේ අයදුම්පත්‍ර ගාස්තු – රු.  2.50

වරිපනම් බදු පිළිබඳ විෂයභාර නිළධාරී 036-2270237 මඟින් අමතන්න

අක්කර බදු

  • අක්කර බදු ඒකක – 419
  • සෑම වර්ෂයක්ම ආරම්භයේදී දේපල සම්බන්ධයෙන් තක්සේරු නිවේදනයක් නිකුත් කිරීම
  • අදාල බදු මුදල් ආදායම් පරිපාලකවරුන්ට හෝ, ප්‍රාදේශීය සභා කාර්යාලය ගෙවීම සිදු කල හැකිය.
  • ගෙවීම් පැහැර හැර සිටින්නවුන් සම්බන්ධයෙන් ගාස්තු අයකර ගැනීමේදී අමතර දඩ මුදලක් ගාස්තුවට එකතු කරනු ලැබේ.
  • තවදුරටත් ගෙවීම් පැහැර හැර සිටින පුද්ගලයින් හට අදාල බදු මුදල් ගෙවන ලෙස අවසන් නිවේදන නිකුත් කෙරේ.
  • නිවේදනය නිකුත් කිරීමේන් අනතුරුවද නොගෙවා සිටීමෙන් දේපළ පරිහරණය කිරීම නවතා දමා රජයේ භාරයට ගැනීමට සිදුවනු ඇත.

ලබාදෙන වට්ටම්

  • සෑම වර්ෂයකම ජනවාරි 31 දිනට ප්‍රථම සමස්ථ වර්ෂය සඳහාම ගෙවිය යුතු වරිපනම් බදු ගෙවන්නේ නම් 10%ක වට්ටමක් ලබා දෙනු ලැබේ.
  • කාර්තුව අනුව ගෙවීම් සිදු කරන්නේ නම් එක් කාර්තුවකට අදාල මුදල එම කාර්තුවේ පළමු මාසය තුළම සිදු කරන්නේ නම් 5% ක වට්ටමක් හිමිවේ.
  • ප්‍රමාද වී කරනු බලන ගෙවීම් සදහා සෑම කාර්තුවක අවසානයේ 15% ක අධි ගාස්තුවක් අය කරනු ලැබේ.

අක්කර බදු පිළිබඳ විෂයභාර නිළධාරී 036-2270237 මඟින් අමතන්න

කඩකුලී

  • යටියන්තොට ප්‍රාදේශීය සභාවට අයත් වෙළඳපොල සංඛ්‍යාව 02 කි.
  • පොදු වෙළඳපොල සංඛ්‍යාව 22
  • යටියන්තොට බස්නැවතුම්පොල කඩ කාමර 12
  •  යටියන්තොට ප්‍රාදේශීය සභාවට අයත් මාළුකඩ සංඛ්‍යාව 02 කි.
  •  යටියන්තොට පුරනැගුම වෙළඳ සංකීර්ණයේ කඩකාමර අංක සංඛ්‍යාව 12
  •  යටියන්තොට ප්‍රාදේශීය සභාවට අයත් ඔරු තොටුපොළ සංඛ්‍යාව 01 කි.
  •  යටියන්තොට ප්‍රාදේශීය සභාවට අයත් පොදු වැසිකිළි සංඛ්‍යාව 01 කි.
  •  යටියන්තොට ප්‍රාදේශීය සභාවට අයත් ඉඩම් බදු දීම් සංඛ්‍යාව 08
  •  යටියන්තොට ප්‍රාදේශීය සභාවට අයත් ජංගම අලෙවි කුටී සංඛ්‍යාව 14
  •  සෑම වර්ෂයකම මුලදී කඩකාමරයට අදාලව ගිවිසුම්ගත වීමට එළඹීම ඔබගේ වගකීමකි.
  •  ගිවිසුම්ගත වීමේදී මාසික කුළිය මෙන් හය මසක මුදලක් ආරක්ෂිත ඇප මුදලක් වශයෙන් තැන්පත් කළ යුතුය.
  •  සෑම මසකටම 10 වන දිනට පෙර කඩ කුලි ගෙවිය යුතුය.
  •  එසේ ප්‍රමාද වී කරන ගෙවීම් සඳහා දඩ මුදලක් අය කරනු ඇත.
  •  නියමිත පරිදි කඩ කුලී මුදල් මාස 03ට වඩා නොගෙවන ලද කඩ හිමියන්ගේ කඩ කාමර අවසන් නිවේදනයක් නිකුත් කිරීමේන් පසු තවදුරටත් නොගෙවා සිටී නම් කඩ කාමර නැවත ප්‍රාදේශීය සභාවට පවරා ගෙන ටෙන්ඩර් කිරීමේ කටයුතු සිදු කරනු ලැබේ.

කඩකුලී පිළිබඳ විෂයභාර නිළධාරී 036-2270237 මඟින් අමතන්න

බලපත්‍ර ගාස්තු

  • තමා පවත්වාගෙන වෙළඳ ව්‍යාපාරයක් සඳහා අදාල පරිපාලන සීමාව තුළ නිල වශයෙන් පිළිගැනීමට බලපත්‍රයක් ලබාගැනීම අත්‍යාවශ්‍ය වේ.
  • බලපත්‍රයක් නොකර ව්‍යාපාරයක් පවත්වාගෙන යාම අධිකරණයේ දඩුවම් ලැබිය හැකි වරදක් වේ.
  • වෙළඳ බදු බලපත්‍ර ගාස්තු ගෙවීම අනිවාර්ය වේ.
  • බලපත්‍රය ලබාගැනීමට අයදුම් පත්‍ර සම්පූර්ණ කර ප්‍රාදේශීය සභා කාර්යාලය වෙත ලබාදිය යුතුවේ.
  • ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පවත්වාගෙන යාම සෑම ව්‍යාපාරයක්ම සෑම වර්ෂයකටම ජනවාරි මස තුල අදාල ගාස්තුව ගෙවා ලියාපදිංචි කල යුතුය.
  • සෑම ව්‍යාපාරිකයෙක්ම ගරු සභාපතිතුමාගේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීතුමාගේ හා මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාගේ උපදෙස් පිළිපැදිය යුතුය.
  • බලපත්‍රයක් එහි කාලය ඉකුත් වූ පසු අලුත් කිරීම කළ යුතුය.

බලපත්‍ර ගාස්තු පිළිබඳ විෂයභාර නිළධාරී 036-2270237 මඟින් අමතන්න

 

සේවා සදහා අයදුම්පත්‍ර

විස්තරය
මහජන ක්‍රීඩාංගනය වෙන් කිරීමේ අයදුම්පත්‍රයබාගත කරගන්න
ගලි බවුසරය ඉල්ලීමේ අයදුම්පත්‍රයබාගත කරගන්න
ටිපර් රථය ඉල්ලීමේ අයදුම්පත්‍රයබාගත කරගන්න
වරිපනම් තක්සේරු ලේඛණයේ නම සංශෝධනය කිරීමේ අයදුම්පත්‍රයබාගත කරගන්න
වෙලද බලපත්‍ර ලබා ගැනීමේ අයදුම්පත්‍රයබාගත කරගන්න