ඝණ අපද්‍රව්‍ය කළමණාකරණ මධ්‍යස්ථානය

යටියන්තොට ප්‍රාදේශීය සභාවේ ඝණ අපද්‍රව්‍ය කළමණාකරණ මධ්‍යස්ථානය

සබරගමු පළාතේ, කෑගල්ල දිස්ත්‍රිකයේ පිහිටි මනස්කාන්ත කඳුවැටිය වලින් වටවූ භුමියක කඳුවැටි වලට පහළින් දර්ශනීය වූ කැළණි ගං කොමළිය ගලාබසින භූමියකට හිමිකම් යටියන්තොට ප්‍රාදේශිය සභාව කසළ කලමණාකරණය තුලින් ජනතා අවශ්‍යතා සපුරන ජනතා හිතකාමී පුරවරයක් බිහිකිරීමේ අරමුණින් මෙම ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය 2007 වර්ෂයේ යටියන්තොට, පරුස්සැල්ල, කලටුවාව යන ස්ථානයේ ආරම්භ කර ඇති අතර දැනට එම මධ්‍යස්ථානය සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වේ.ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා ඇති පාරිසරික මෙන්ම සමාජීය ගැටළුවක් වන නාගරික මෙන්ම ග්‍රාමීයවද ජනනය වන ඝන අපද්‍රව්‍ය වලට වටිනාකමක් ලබාදෙමින් කාබනික පොහොර නිෂ්පාදනය හා අලෙවිය ‍මන්ම වෙනත් දෑ කාඩ්බෝඩ්, විදුරු, යකඩ වැනි අපද්‍රව්‍ය අලෙවි කිරීමේන් ආර්ථික වාසිද ලබාගන්නා අතර එම අරමුදල් සංවර්ධන ක්‍රියාවලියටද යොදාගනු ලැබේ.