මහජන පුස්තකාල

යටියන්තොට ප්‍රාදේශීය සභාවේ මහජන පුස්තකාල

දැක්ම
කියවීම තුළින් බුද්ධිමත් සමාජයක්

මෙහෙවර
ප්‍රදේශයේ ජනතා අවශ්‍යතාවයන් හඳුනාගෙන ශවුන්ට අවශ්‍ය තොරතුරු සපයමින් වඩා කාර්යක්ෂම සේවයක් කීරීමට කැපවීම අපගේ මෙහෙවරයි.

පිහිටීම :
යටියන්තොට ප්‍රාදේශීය සභා කාර්යාලයේ උඩු මහලේ යටියන්තොට මහජන පුස්තකාලය පිහිටා තිබේ.

විවෘතව තබන වේලාවන් :
සතියේ වැඩ කරන දින 07 පෙ.ව.08.00 සිට ප.ව. 4.45 දක්වා විවෘත වේ.(පෝය දින වල වසා ඇත)

යටියන්තොට මහජන පුස්තකාලයේ අංශ :

  • පොත් බැහැර දෙන අංශය
  • විමර්ශන අංශය
  • ළමා අංශය
  • පුවත්පත් අංශය

වැඩි විස්තර සඳහා විෂයභාර නිළධාරී 036-3795171 මගින් අමතන්න.

කිතුල්ගල මහජන පුස්තකාලය

පිහිටීම:
යටියන්තොට නගරයේ සිට කිතුල්ගල නගරයට පැමිණි පසු කිතුල්ගල පන්සල මාර්ගයේ මීටර් 50 ක් පමණ පැමිණිවිට යටියන්තොට ප්‍රාදේශීය සභාවට අයත් කිතුල්ගල මහජන පුස්තකාලය පිහිටා තිබේ.

විවෘතව තබන වේලාවන් :
සතියේ වැඩ කරන දින 07 පෙ.ව.08.00 සිට ප.ව. 4.45 දක්වා විවෘත වේ.(පෝය දින වල වසා ඇත)

කිතුල්ගල මහජන පුස්තකාලයේ අංශ :

  • පොත් බැහැර දෙන අංශය
  • විමර්ශන අංශය
  • ළමා අංශය
  • පුවත්පත් අංශය

වැඩි විස්තර සදහා විෂයභාර නිලධාරී 036-2287542 මගින් අමතන්න.

 

අමනාවල මහජන පුස්තකාලය

පිහිටීම:
යටියන්තොට නගරයේ සිට පැලැම්පිටිය පාරේ කීලෝ මීටර් 17 පමණ පැමිණි පසු අමනාවල පුරාණ පත්තිනි දේවොල පසු කර ඉදිරියට යන විට පාරේ වම් පසට වන්නට මනරම් පරිසරයකට හිමිකම් කියන යටියන්තොට ප්‍රාදේශීය සභාවට අයත් අමනාවල මහජන පුස්තකාලය පිහිටා තිබේ.

විවෘතව තබන වේලාවන් :
සතියේ වැඩ කරන දින 07 පෙ.ව.08.00 සිට ප.ව. 4.45 දක්වා විවෘත වේ.(පෝය දින වල වසා ඇත)

අමනාවල මහජන පුස්තකාලයේ අංශ :

  • පොත් බැහැර දෙන අංශය
  • විමර්ශන අංශය
  • ළමා අංශය
  • පුවත්පත් අංශය

වැඩි විස්තර සදහා විෂයභාර නිළධාරී 036-4928341 මගින් අමතන්න.

 

පුස්තකාල සාමාජික ගාස්තු :

ගාස්තු වර්ගමුදල
පුස්තකාල සමාජික අයදුම්පත් ගාස්තුරු. 20.00
පුස්තකාල සාමාජික ගාස්තු රු. 200.00
පුස්තකාල සාමාජිකත්ව අළුත් කිරීම ගාස්තුරු. 50.00
පාඨක සමාජ ගාස්තු (මාසකට)රු. 10.00
පුස්තකාල පොත් ප්‍රමාද ගාස්තු (දිනකට)රු. 2.00