සෞඛ්‍ය අංශය

යටියන්තොට ප්‍රාදේශීය සභා‍වේ සෞඛ්‍ය අංශය

ප්‍රධාන කාර්යය භාරයන්

ඝන අපද්‍රව්‍ය කළමනාකරණය

  • නගර පවිත්‍රතාවය
  • කසළ එකතු කිරීම
  • ගලිබවුසර් සේවා සැපයීම
  • පාර අතුගෑම
  • කාණු පිරිසිදු කිරීම
  • කසළ වෙන් කිරීම
  • දිරායන අපද්‍රව්‍ය භාවිතයෙන් කාබනික පොහොර සෑදිම
  • දිරා නොයන අපද්‍රව්‍ය ගබඩා කර විකිණිම
  • නිවාස සඳහා ගෘහස්ථව කාබනික පොහොර නිෂ්පාදනය කළ හැකි බඳුන් හඳුන්වා දීම
  • සීනුනාද ක්‍රමයට කසළ එකතු කිරීම
  • අධ්‍යාපනික දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකිරීම

ආහාර සුරක්ෂිතතාව

  • මහජන පොළ හා පොදු වෙළඳසැල අධීක්ෂණය හා සනීපාරක්ෂක තත්ත්වයන් පවත්වාගෙන යාම
  • ‍ආහාර සාම්පල් ලබා ගැනීම
  • සියළුම ආහාර අලෙවි කරන ස්ථානයන්හි සනීපාරක්ෂක තත්වයන් වර්ධනය කිරීම
  • ‍අනාරක්ෂිත ආහාර සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම
  • පෞද්ගලික වෙළඳසැල් අධීක්ෂණය

රෝග වාහකයන් පාලනය කිරීම

  • මදුරුවන් හා මැස්සන් වර්ධනය පාලනය කිරීම
  • රෝගවාහකයන් ජනනය වැලැක්වීම
  • රෝගවාහකයන් පාලනය කිරීම හා රෝගාබාධ පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම
  • බෝවන රෝග පිළිබඳ සොයා බැලීම හා දැනුවත් කිරීම

පාරිසරික සෞඛ්‍යය

  • පරිසර‍ දූෂණය ගැන සොයා බැලීම
  • පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම
  • පරිසර දූෂණ ප්‍රශ්න සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම
  • ‍මහජන පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම

වැඩි විස්තර සදහා විෂයභාර නිළධාරී 036-2270237 මගින් අමතන්න.