සභා ඉතිහාසය

යටියන්තොට ප්‍රාදේශීය සභාවේ ඉතිහාසය

දෙහිගම්පල කෝරලයේ සහ පහත බුලත්ගම ගම් සභාව, රුවන්වැල්ල/යටියන්තොට යන මැතිවරණ කොට්ඨාස අඩංගු වනසේ 1940 දශකයේ සිට පැවත එන්නකි. 1963-07-01 වන දින සිට එකී ගම් සභාව කොටස් කර යටියන්තොට සුළු නගර සභාව, රුවන්වැල්ල සුළු නගර සභාව, උඩුව පළාත් ගම් සභාව මෙගොඩපත ගම් සභාව එගොඩපත ගම් සභාව වශයෙන් පළාත් පාලන 06 ක් පිහිටුවන ලදී. ඒ අනුව පිහිටුවන ලද යටියන්තොට සුළු නගර සභාව 1981-07-01 වන දින සිට කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන සභාවේ යටියන්තොට උප කාර්යාලය බවට පත්විය. අනතුරුව 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත අනුව 1988-01-01 වන දින සිට යටියන්තොට ප්‍රාදේශීය සභාව සංස්ථාපනය විය. පහත සදහන් සංවර්ධන සභා උප කාර්යාලයන් යටියන්තොට ප්‍රාදේශීය සභාවට අයත් විය. 

  • උඩුව ගම් පළාත සංවර්ධන සභා කාර්යාලය
  • කිතුල්ගල පළාත සංවර්ධන සභා කාර්යාලය
  • මෙගොඩපතපත්තු සංවර්ධන සභා කාර්යාලය
  • යටියන්තොට සංවර්ධන සභා කාර්යාලය 

1988-01-01 වන දින සිට ආරම්භ වූ යටියන්තොට ප්‍රාදේශීය සභාව එදින සිට 1991-06-30 වන දින දක්වා විශේෂ කොමසාරිස්වරුන් යටතේ පාලනය වූ අතර 1991-07-01 වන දින සිට මහජන ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් විසිදෙදෙනෙකුගෙන් (22) සමන්විත මන්ත්‍රී මණ්ඩලයක් යටතට පත්විය. එය පළමු වන ප්‍රාදේශීය සභාවයි. එහි නිල කාලය අවසන් වූ පසු 1997-04-15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දෙවන ප්‍රාදේශීය සභාව ආරම්භ විය. අනතුරුව 2002-04-15 දින සිට තෙවන ප්‍රාදේශීය සභාව ආරම්භ වූ අතර මන්ත්‍රී මණ්ඩලය 22 ක් විය. 2006-04-15 දින බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව සංස්ථාපනය කල අතර ඉන්පසුව යටියන්තොට ප්‍රාදේශීය සභාවෙන් බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඉවත් විය. 2006-04-15 වන දින සිට යටියන්තොට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය වනුයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයි. 2011-03-28 වන දින සිට මහජන ඡන්දයෙන් තේරී පත්වූ සභිකයින් පහලොස් දෙනෙකුගෙන් (15) සමන්විත පස්වන ප්‍රාදේශීය සභාව ක්‍රියාත්මකව පැවතිණි. එදා සිට මේ දක්වා විශේෂ කොමසාරිස්වරුන් හා සභාපතිවරුන් 04 දෙනෙකු පාලනය කර ඇත.  

2015-05-15 වන දින සිට ධුර කාලය අවසන් වීම හේතුවෙන් මේ දක්වා ප්‍රාදේශීය සභාවේ බලතල කාර්යය ලේකම් වෙත පැවරී ඇත.