සංවර්ධන අංශය

යටියන්තොට ප්‍රාදේශීය සභාවේ සංවර්ධන අංශය

යටියන්තොට ප්‍රදේශීය සභාවේ සංවර්ධන අංශය මගින් ප්‍රදේශයේ ජනතාව වෙත පහත කාර්යයන් සිදුකරනු ලැබේ.

අප වෙතින් ලබා දෙන ලබන පහත සදහන් එම සේවාවන් ලබා ගැනීම සදහා ඔබ විසින් ඉදිරිපත් කල යුතු ලේඛණ හා ලියවිලි :

විථිරේඛා සහතික නිකුත් කිරීම

  • ඔප්පුවේ මුල් පිටපත හා ඡායා පිටපත
  • මිනින්දෝරු සැලැස්මේ මුල් පිටපත හා ඡායා පිටපත
  • සම්පූර්ණ කරන ලද විථිරේඛා අයදුම්පත්‍රය

පිඹුරු අනුමත කිරීම

  • ඔප්පුවේ මුල් පිටපත හා ඡායා පිටපත
  • මිනින්දෝරු සැලැස්මේ මුල් පිටපත හා ඡායා පිටපත
  • සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය

ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම

  • ඔප්පුවේ මුල් පිටපත හා ඡායා පිටපත් 02
  • මිනින්දෝරු සැලැස්මේ මුල් පිටපත හා ඡායා පිටපත් 02
  • වසර 30 ක පත්ඉරු
  • ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්තාව (NBRO)
  • ගොඩනැගිලි සැලැස්මේ පිටපත් 03
  • නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය

ඉහත සඳහන් අයදුම් පත්‍ර හා සහතික සඳහා පහත සඳහන් ගාස්තු අය කරනු ලැබේ .

අයදුම්පත්‍රය/සහතිකයේ නමමුදල
විථිරේඛා අයදුම්පත්‍රයරු. 25.00
විථිරේඛා සහතික ගාස්තුරු. 200.00
පිඹුර අනුමත කිරීම සඳහා ගාස්තුරු. 200.00
ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේ අයදුම්පත්‍ර
නාගරික ප්‍රදේශ රු. 300.00
වරිපනම් ප්‍රදේශ රු.100.00
සාමාන්‍ය ප්‍රදේශ රු.50.00

ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම සඳහා ගාස්තු අයකරනු ලබන්නේ වර්ග අඩි ප්‍රමාණයටය. එය නේවාසික හා වානිජ වශයෙන් වෙන් කර අය කරනු ලැබේ.

වැඩි විස්තර සඳහා විෂයභාර නිළධාරී 036-2270237 අමතන්න.

පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ඉදිරිපත් කිරීමේදී ඒ සමඟ ඉදිරිපත් කළ යුතු ලියකියවිලි/පිටපත්

  1. කර්මාන්ත පිහිටි ස්ථානය දක්වන මාර්ග සටහන
  2. ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකය
  3. අදාල පළාත් පාලන ආයතනයෙන් ලබාගත් වෙළඳ බලපත්‍රය හෝ ඒ සඳහා මුදල් ගෙවන ලද කුවිතාන්සිය හෝ අනුමත කළ ගොඩනැගිලි සැලැස්මේ පිටපතක් හෝ අනුකුළතා සහතිකය අදාල කටයුත්ත සම්බන්ධව අදාල පළාත් පාලන ආයතනයෙන් විරෝධතාවයක් නොමැති බව දැක්වෙන ලිපියක්
  4. ඉඩමෙහි මිනින්දෝරු සැලැස්ම (පිඹුර)
  5. අපද්‍රව්‍ය පිරිපහදු / වායු දුෂණය, ශබ්දය ඇතුළු පරිසර දුෂණය වැලැක්වීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සැලැස්ම
  6. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණිම් කාර්යංශයෙන් ලබාගත් බලපත්‍රය

පරිසර බලපත්‍ර ලබාගැනීමේදී පහත සඳහන් ගාස්තු අයකරනු ලැබේ.

ගාස්තු වර්ගයගාස්තුව
පාරිසරික බලපත්‍ර ඉල්ලුම්පත් රු.100.00
පාරිසරික බලපත්‍ර අළුත් කිරීම රු.50.00
පරිසර ආරක්ෂණ බලපත්‍ර ගාස්තු (මුද්දර ගාස්තු රු.400/= සමඟ) රු.4400.00
පරිසර බලපත්‍ර පරීක්ෂා කිරීමේ ගාස්තු (රු.250000/= හෝ ඊට අඩු) රු.3000.00
පරිසර බලපත්‍ර පරීක්ෂා කිරීමේ ගාස්තු (රු.250001/= - රු.500000/=) රු.3750.00
පරිසර බලපත්‍ර පරීක්ෂා කිරීමේ ගාස්තු (රු.500001/= - රු.1000000/=) රු.5000.00
පරිසර බලපත්‍ර පරීක්ෂා කිරීමේ ගාස්තු (1000000/= ට වැඩි)රු.10000.00

වැඩි විස්තර පිළිබදව විෂයභාර නිළධාරී 036-2270237 මගින් අමතන්න