පෙර පාසල

නවට පුර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය 

දැක්ම
යහගුණ නැණ පිරි දරු පරපුරකි
මතු දියුණුව සතු දායාදයකි

මෙහෙවර
නැණස වඩන – යහගුණ දෙන
ගහට වැලට – ගත සිත ඇති
දුවෙක් – පුතෙක්-විශිෂ්ටයෙක්
සමාජයට බිහි කිරීම

පිහිටීම
කොළඹ හැටන් ප්‍රධාන මාර්ගයේ නවට ප්‍රදේශයේ පිහිටා තිබේ.

යටියන්තොට ප්‍රාදේශීය සභාව මඟින් ක්‍රියාත්මක කරනු ලබන සේවාවන් අතර තවත් එක් සේවාවක් ලෙස නවට පුර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය හැඳින්විය හැකිය. දරුවන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම් පත් අගෝස්තු මාසයේදී පෙර පාසල තුළින් ලබා ගත හැකිය. මෙහිදී අප පෙර පාසලට ඇතුළත් වන දරුවන් සඳහා අධ්‍යාපනය ලබා දෙනු ලබන්නේ කිසිදු අය කිරීමකින් තොරවය. පෙර පාසල ආරම්භ වන්නේ පෙ.ව.8.00 ට වන අතර,අවසන් වන්නේ පෙ.ව.11.30 ට ය. පෙර පාසල් නිල ඇඳුමෙන් සැරසී දරුවන් පෙර පාසල වෙත පැමිණිය යුතු අතර,සිකුරාදා දින පමණක් බොටමක් සහ ටී ෂර්ටට් එකක් අඳිනු ලබයි.(සිකුරාදා දින දරුවන්ට ක්‍රීඩාපිටිය තුළ සෙල්ලම් කිරීමට සහ වැලි/මැටි ආදී ක්‍රියාකාරකම් කිරීමට අවස්ථාව උදාවෙයි.

අයදුම්පත් කැඳවීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරයි. පෙර පාසල වෙත දරුවන් ඇතුළත් කරගනු ලබන්නේ ඉඩ පහසුකම් මත,ලැබෙන අයදුම්පත් අතරින් පෙර පාසලට ආසන්න මට්ටමේ සිටින දරුවන් 45 ත් 50ත් අතරය. මේ තුළින් වසර පුරා අප සමාජයට හිතකර දරු පිරිසක් බිහි කිරීමට කටයුතු කරනු ලබයි
.
පෙර පාසල් දරුවෙක් තුළ සංවර්ධනය විය යුතු ප්‍රධාන සංවර්ධන ක්ෂ්‍රේත්‍ර පහත පරිදි වේ.
1.කායික සංවර්ධනය
2.සමාජ හා චිත්තවේග සංවර්ධනය
3.ප්‍රජානන සංවර්ධනය
4.භාෂාව හා මුල්කාලීන සාක්ෂරතාවය
මෙම සංවර්ධන ක්ෂ්‍රේත්‍රයන් වසර පුරා දරුවා කොතෙක් දුරට සංවර්ධනය කර තිබේද යන්න දැන ගැනීම සඳහා පෙර පාසල විසින් අංග සම්පුර්ණ තක්සේරු වාර්තා පොතක් 2020 වර්ෂයේ සිට දරුවන් වෙනුවෙන් ලබාදී ඇත.

මීට අමතරව වාර්ෂික සැලැස්මකට අනුගත වෙමින් පෙර පාසලේ කටයුතු සිදු කරනු ලබන අතර, යටියන්තොට ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා සහ ලේකම්තුමාගේ මුලික මඟ පෙන්වීම යටතේ වසර පුරා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වෙයි.