දිය ඇලි

ඕලු ඇල්ල

ඕලු ඇල්ල පිහිටා ඇත්තේ සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශිය සභා බල පෙදෙස තුලයි. එය යටියන්තොට නගරයේ සිට කිලෝ මීටර් 16ක් දුරින් පිහිටා ඇත. දිය ඇල්ලෙහි උස මීටර 127 ක් පමණ වන අතර පළල මීටර් 18 කි. මෙහි උස ප්‍රමාණය අනුව මෙම දියඇල්ල ලංකාවේ 6 වන උසම දියඇල්ල ලෙස සැලකේ.යටත් විජිත යුගයේදී තේ කොළ ප්‍රවාහනය කිරීම සඳහා ඕලු ඇල්ල හරහා සාදා ඇති ලී  පාලම හේතුවෙන් දියඇල්ල කොටස් දෙකකට වෙන්වේ. මෙම ලී පාලම ශ්‍රී ලංකාවේ දැනට භාවිතා වන  පැරණිතම ලී පාලම ලෙස හැඳින්වේ. වැස්ස කාලයට මෙම ලී පාලම උඩින් වතුර  දමන අතර දුන්හිද, බඹරකන්ද වගේ දිය ඇලි වලට වඩා ඕලු ඇල්ල වෙනස් වෙන්නේ තනි දියපාරක් වෙනුවට හරියටම එක ළගින් පිහිටලා තියෙන පුංචි පුංචි දියඇලි 4ක් එකතුවීමෙන් මෙය නිර්මාණය වී තිබේ. දියඇල්ලේ මූලාරම්භය නිර්මාණය වන්නේ වී ඔයේ අතු ගංගාවකින්ය. ඒ වගේම මේ පුංචි දිය ඇළි වල වතුර පාරවල් වල වේගය සහ ප්‍රමාණය එකිනෙකට වෙනස්වේ.

ගමන් මාර්ගය
01. කොළඹ සිට අවිස්සාවේල්ල/දෙහිඕවිට/කරවනැල්ල හරහා යටියන්තොට
02. කෑගල්ල/රුවන්වැල්ල/කරවනැල්ල හරහා යටියන්තොට
03. ගිනිගත්හේන/කිතුල්ගල/යටියන්තොටමේ මාර්ග වලින් පැමිණ යටියන්තොටින් පැලැම්පිටිය මාර්ගයේ කිලෝ මීටර් 16 ක්පමණ පැමිණි පසු ඕලු ඇල්ල දිස්වේ.

කිතුල් ඇල්ල

කිතුල් ඇල්ල පිහිටා ඇත්තේ සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශිය සභා බල පෙදෙස තුලයි. මෙය යටියන්තොට නගරයේ සිට කිලෝ මීටර් 11 ක් දුරින් මලල්පොල උප තැපැල් කාර්යාලය අසළ පැලැම්පිටිය-යටියන්තොට මාර්ගයට මායිම්ම මනරම්ව පිහිටා ඇත. දිය ඇල්ලෙහි උස මීටර 13 ක් පමණ වන අතර ගල්පර 02 ක් අතරින් කඩා හැලේ.
මෙම දිය ඇල්ල පිහිටා ඇති පෙදෙස වටා බෝහෝ කිතුල් ගස් ප්‍රමාණයක් පිහිටා තිබීමත් නිසා මෙය කිතුල්ඇල්ල නමින් හැඳින්වේ.

ගමන් මාර්ගය
01.කොළඹ සිට අවිස්සාවේල්ල/දෙහිඕවිට/කරවනැල්ල හරහා යටියන්තොට
02.කෑගල්ල/රුවන්වැල්ල/කරවනැල්ල හරහා යටියන්තොට
03.ගිනිගත්හේන/කිතුල්ගල/යටියන්තොට

මේ මාර්ග වලින් පැමිණ යටියන්තොටින් පැලැම්පිටිය මාර්ගයේ කිලෝ මීටර් 11 ක්පමණ පැමිණි පසු කිතුල් ඇල්ල දිස්වේ.

 

මන්නාකැති ඇල්ල

 

මන්නාකැති ඇල්ල පිහිටා ඇත්තේ සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශිය සභා බල පෙදෙස තුලයි. දිය ඇල්ලෙහි උස මීටර 60 ක් පමණ වේ.මෙම දිය ඇල්ල ගිරන්කිත ඔයෙහි පිහිටා ඇති අතර අනගුලා කඳුකරයේ බටහිර බෑවුම් වලින් සමන්විත වේ.

ගමන් මාර්ගය
කිතුල්ගල නගරයේ සිට මල්වත්ත මාර්ගයේ කීලෝ මීටර් 5 ක් පමන ගිය පසු මන්නාකැති ඇල්ල සඳහා පිවිසුම් මාර්ගය හමුවේ. එතැන් පටන් කීලෝ මීටර් 3 ක් පමණ ගිය පසු මෙම මනරම් දිය ඇල්ල දිස්වේ.

 

සම්පත් ඇල්ල

 

සම්පත් ඇල්ල පිහිටා ඇත්තේ සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශිය සභා බල පෙදෙස තුලයි. දිය ඇල්ලෙහි උස මීටර 30 ක් පමණ වේ.

ගමන් මාර්ගය
කිතුල්ගල නගරයේ සිට මල්වත්ත මාර්ගයේ කීලෝ මීටර් 4.5 ක් පමණ ගිය පසු මල්වත්ත ගම්මානයට පෙර හන්දියක් හමුවේ. එතැනින් රබර් වතු හරහා බෑවුම දිගේ වම් පැත්තට ගමන් කළ පසු සම්පත් ඇල්ල දිස්වේ. මේ සඳහා මාර්ග උපදේශකයෙකු ලබාගන්නාවා නම් වඩාත් පහසු විය හැක.

 

හඳුන් ඇල්ල

හදුන් ඇල්ල පිහිටා ඇත්තේ සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශිය සභා බල පෙදෙස තුලයි. දිය ඇල්ලෙහි උස මීටර 30 ක් ඇති අතර එය සන්ඩලවුඩ් ගස් බහුලව දක්නට ලැබේ.

ගමන් මාර්ගය
කිතුල්ගල නගරයේ සිට හැටන් මාර්ගයේ කීලෝ මීටර් 1.5 ක් පමණ පැමිණි පසු වම් පසින් බෙලිලෙන වෙත ගමන් කරන මහාබාගේ මාර්ගය හමුවේ. එතැන් හැරී එම මාර්ගය දිගේ කිලෝ මීටර් 10 ක් පමණ දුෂ්කර මාර්ගය ගමන් කළ පසු තේ වත්තක් හමුවේ. එතැන් පටන් පයින් කිලෝ මීටර් 0.5 ක් පමණ කැලෑ පාර දිගේ මෙම ඇල්ල වෙත ගමන් කළ යුතුවේ. (මේ සඳහා මාර්ග උපදේශකයෙකු ලබාගන්නාවා නම් වඩාත් පහසු විය හැක)