ආදාහනාගාරය

යටියන්තොට ප්‍රාදේශීය සභාවේ ආදාහනාගාරය 

පිහිටීම :
යටියන්තොට නගරයේ සිට කරවනැල්ල පාරේ කි.මි.1ක් පමණ පැමිණි පසු දකුණ පසින් හාමන්ද කනත්ත පාර නමින් නාම පුවරුවක් දිස්වේ. එම මාර්ගය මීටර් 100 ක් පමණ පැමිණි පසු මනරම් පරිසරයක යටියන්තොට ප්‍රාදේශීය සභාවට අයත් ආදාහනාගාරය පිහිටා තිබේ.

ආදාහනාගාරයේ මෘත ශරීරයක් ආදාහනය කිරීමේ ඉල්ලුම්පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලියවිලි
1. මරණ පරීක්ෂක තැනගේ සහතිකය/මරණ දැන්වීම් සහතිකය/මරණය ලියාපදිංචි කිරීමේ සහතිකය /මරණයට හේතු දැක්වෙන වෛද්‍ය සහතිකය /වතු අධිකාරිවරයාගේ සහතිකය/පොලිස් නිලධාරි හෝ ග්‍රාම නිලධාරි සහතිකය
2.  ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත සහ එහි ඡායා පිටපතක්
3. මියගිය අයගේ ජාතික හැඳුනුම් පත සහ එහි ඡායා පිටපතක්/පදිංචිය සහතික කරන ග්‍රාම නිලධාරි සහතිකය

ආදාහනාගාරයේ මෘත ශරීරයක් ආදාහනය කිරීමට වෙන් කර ගත හැකි වේලාවන්
1. ප.ව.2.00
2. ප.ව.4.00
3. ප.ව.6.00
(ලැබී ඇති ආදාහන ප්‍රමානය මත ඔබේ අවශ්‍යතා ගලපා ගත හැක)

ආදාහනාගාරයේ අළු තැන්පත් කිරීම සඳහා කුටි වෙන් කිරීම අයදුම්පත්‍ර සමග ඉදිරිපත් කළ යුතු ලියවිලි
1.මරණ පරීක්ෂක තැනගේ සහතිකය/මරණ දැන්වීම් සහතිකය/මරණය ලියාපදිංචි කිරීමේ සහතිකය /මරණයට හේතු දැක්වෙන වෛද්‍ය සහතිකය /වතු අධිකාරිවරයාගේ සහතිකය/පොලිස් නිලධාරි හෝ ග්‍රාම නිලධාරි සහතිකය
2. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත සහ එහි ඡායා පිටපතක්
3. මියගිය අයගේ ජාතික හැඳුනුම් පත සහ එහි ඡායා පිටපතක්/පදිංචිය සහතික කරන ග්‍රාම නිලධාරි සහතිකය
4. ආදාහනය කල ස්ථානයෙන් නිකුත් කල ආදාහන අවසර පත්‍ර

ආදාහනාගාරයේ අළු තැන්පත් කිරීමේ කුටි වෙන් කිරීම සඳහා ගාස්තු සහ කොන්දේසි
1. ආදාහනාගාරයේ අළු තැන්පත් කිරීම සඳහා කුටි වෙන් කිරීම සඳහා ගාස්තු-රු.20 000.00
2. යටියන්තොට ප්‍රාදේශීය සභාව ලබා දෙන උපදෙස් අනුව මෙම කුටියෙහි ඉදිකිරීම සිදුකල යුතුයි.
3. කුටියේ ඵලකය සහ ඒ ආශ්‍රිත නිර්මාණ සභා අනුමත කල සම්මතයට විය යුතු අතර හා නඩත්තු කිරීමේ පිළිවෙලක් ඔබ විසින් පවත්වා ගත යුතුයි.
4. ඔබ විසින් කුටි ඉදි කිරීමේ දී, නඩත්තු කිරීමේදි අසල ඇති කුටිවලට අගෞරව නොවන පරිදි කටයුතු කිරීමට තමන් පුද්ගලිකව මැදිහත් විය යුතුයි.
5. ලබා ගන්නා කුටි වෙන් කිරීම සඳහා මුදල් ගෙවු දින සිට සති 02 ක් ඇතුලත වැඩ අවසන් කල යුතුයි.
6. කුටියේ වැඩ ආරම්භ කිරීමේ දී යටියන්තොට ප්‍රාදේශීය සභාවට ඒ පිළිබඳ දැනුම් දිය යුතුයි .
7. ඔබ විසින් ලබා ගන්නා කුටි මනා ලෙස ඉදි කීරීම හෝ නඩත්තු කිරීමට ඔබ අපොහසත් වූවහොත් කුටිය සම්බන්ධයෙන් සභාව ගන්නා තීරණ වලට ඔබ එකග විය යුතුයි.

ආදාහනාගාරය ආරක්ෂා කිරීම සඳහා වූ කොන්දේසි
යටියන්තොට ප්‍රාදේශීය සභාවේ ආදාහනාගාරය පවත්වාගෙන යාම සදහා වන අතුරු ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීම සහ එහි සදහන් කරුණු කිසිවක් උල්ලංගනය නොවන අයුරින් කටයුතු කළ යුතුයි.
එමෙන්ම,
1. ආදාහනාගාරය හා ඒ අවට පරිශ්‍රයේ දේපළ වලට අලාභ හානි සිදු නොවන අන්දමට කටයුතු කිරීම
2. ආදාහනය කරන අවස්ථාවේදී යාන්ත්‍රික හෝ වෙන යම් දෝෂයක් ඇතිවුවහොත් දේහය මිහිදන් කිරීම
3. ආදාහනාගාරයේ සේවකයින්ට බාධා කිරීම හෝ වෙන යම් නීති විරෝධි ක්‍රියාවන් සිදු නොකිරීම
4. බීමත්ව, අශීලාචාර අන්දමට හෝ ආයතනයේ ගෞරවය කෙලෙසන අන්දමට නොහැසිරීම

ගාස්තු :

  • යටියන්තොට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ස්ථීර පදිංචි අය සඳහා හා කොවිඩ් මෘත දේග සඳහා = රු.9500+(A-10016)0.4
  • යටියන්තොට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් පිට ස්ථීර පදිංචි කොවිඩ් නොවන මෘත දේග සඳහා = රු.9500+(A-10016)0.4+500
    (මෙහි A යනු 37.5kg ගෑස් සිලින්ඩරයක් මිලදී ගත් මුදල වේ.)
  • භාෂ්මාවශේෂ තැන්පත් කිරීම කිරීම සඳහා එක් කුටියකට – රු.20000.00 කි.

 

මෘත ශරීරයක් ආදාහනය කිරීමේ ඉල්ලුම් පත්‍රය        මාර්ග ගත අයදුම්කිරීම       අයදුම්පත්‍රය භාගත කිරීම

 

ගැටළු සහ අදහස් සඳහා අමතන්න
සභාපති – 0362271675
ලේකම් – 036 2270237, 071 2010090,
විෂය නිලධාරි – 075-7727166
ආදාහනාගාර භාරකරු/ක්‍රියාකරු – 0767095860 / 076 3848919