හැදින්වීම

යටියන්තොට ප්‍රාදේශීය සභාව

සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිගම්පල කෝරලයේ පිහිටි යටියන්තොට මනරම් කඳු ශීඛර වලින් වටවූ හා කල්‍යාණ නදිය මනස්කාන්ත අන්දමින් ගලා බසින සුන්දර ප්‍රදේශයක් වේ. මේ වන විට නිත්‍ය පදිංචි ජනගහනය 63643 වන අතර වර්ග කිලෝමිටර 171.99 ක විශාලත්වයකින් යුක්තවේ. යටියන්තොට හා කිතුල්ගල යන පොලිස් වසම් 02 කින් අවරණය වන මෙම බල ප්‍රදේශය ග්‍රාම නිලධාරි වසම් 32 කින් සමන්විත වේ. මෙහි ලියාපදිංචි මුළු ඡන්දදායකයින් සංඛ්‍යාව 46471 කි.

ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුළ වරිපනම් කොට්ඨාස 09 ක් පවතින අතර සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් යන විවිධ ජන වර්ගයන්ට අයත් ජනතාවද මෙම ප්‍රදේශය තුළ ජීවත් වේ. මෙම ප්‍රදේශය තුළ බහුලව තේ කර්මාන්තය දක්නට ඇති අතර එය මෙහි ප්‍රධාන ආර්ථික භෝගය ලෙසද හැඳින්වීමට පුළුවන. මීට අමතරව රබර්, කුරුදු, කරාඹු වැනි භෝග වගා කිරීමද සිදුවන අතර එයිනුත් සැලකිය යුතු ආර්ථික වාසි ජනතාව ලබාගනී.

ප්‍රදේශයේ ජනතාවගේ මුලික අවශ්‍යතා සපුරාලමින් ඔහුනට කාර්යක්ෂම සේවාවක් ඉටුකිරීම අපගේ අභිලාෂය වන අතර එය ක්‍රියාත්මක කරන ආයතනයකි. අද වනවිට ස්ථීර කාර්යය මණ්ඩලය 55 ක් වන අතර ආදේශක කාර්යය මණ්ඩලය 20 කින් සමන්විත වේ.