ලේකම්තුමාගේ පණිවිඩය

යටියන්තොට ප්‍රාදේශීය සභා ලේකම්තුමාගේ පණිවිඩය

කාර්යක්ෂම හා ඵලදායි මහජන සේවයක් සඳහා අත්‍යන්තයෙන් කැපවූ මහජන නියෝජිතයින් ගෙන් සමන්විත ගරු මහ සභාවකින්ද, රාජ්‍ය සේවකයාගේ වගකීම නොපිරිහෙලා ඉටුකිරීමට නිරන්තර විමසිල්ලෙන් පසුවන කාර්ය මණ්ඩලයකින්ද, ඒකරාශී වූ මෙම ආයතනය අනෙක් රාජ්‍ය ආයතනවලට ආදර්ශයක් සපයන රාජ්‍ය ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට හැකියාව ලැබීම සියලු දෙනාගේ කැපවීමේ ප්‍රතිඵලයකි.

දේශපාලන ක්‍රියාකාරීන්ගේ නියෝජනයක් සමඟ දෛනික මහජන අවශ්‍යතා සඳහා සේවා සැපයීම, සාමාන්‍ය රජයේ කාර්යාලයක පවතින සංස්කෘතිය ඉක්මවා ගිය විශේෂ අවස්ථාවකි. එසේ වුවද මහජන නියෝජිතයින් සහ රාජ්‍ය සේවාවේ යාන්ත්‍රණය එකමුතුව මහජන අවශ්‍යතා ඉටුකිරීම වඩා ප්‍රශස්ත අන්දමින් පවත්වා ගැනීමට මෙම ආයතනය සමත් වී ඇත. එහි අවසන ඵලය වන්නේ වඩා ගුණාත්මක මහජන සේවයක්සේවාවක් සමාජගත වීමයි.

එම අරමුණ වෙනුවෙන් මෙම ආයතනයේ සියලු ශක්තීන් එක්සිත්ව පෙළ ගැසී තිබීම සතුටට කරුණකි. මෙම ව්‍යායාමය තව තවත් ශක්තිමත් කරගැනීමට සියලු දෙනාගේ ආශිර්වාදය හා මගපෙන්වීම නිබඳව අපේක්ෂා කරමි. 

දුමින්ද සී. වික්‍රමසිංහ මයා
ලේකම්
යටියන්තොට ප්‍රාදේශීය සභාව